රණසිංහ ප්‍රේමදාස ගුණ සැමරුම අද
May 1, 2024 02:34 pm
මෙරට දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 31වන ගුණ සැමරුම අදට (01) යෙදී තිබේ.
ඒ වෙනුවෙන් වූ සැමරුම් උත්සවය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ අලුත්කඩේ උසාවිය අසල ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස පිළිරුව අභියසදී පැවැත්වුණි.
1993 වසරේ මැයි 01 වනදා එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානකර තිබූ මැයි දින පෙළපාළියට එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාද එක්වී සිටියේය.
පෙළපාලිය කොළඹ ආමර්වීදිය වෙත පැමිණි අවස්ථාවේ දී LTTE මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු පුපුරවාගත් බෝම්බයකින් රණසිංහ ප්‍රේමදාස මහතා ඇතුළු 23 දෙනෙකුට දිවි අහිමිවූ අතර තවත් පුද්ගලයින් 60කට ආසන්න පිරිසකට තුවාල සිදුවිය.
ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා එලෙස ඝාතනයට ලක්වී අදට වසර 31කි.
ඒ මහතා සිහිකරමින් ඊයේ පස්වරුවේ ශ්‍රී සුචරිත ශාලාවේදී ධර්ම දේශනයක් සංවිධාන කර තිබුණි.
අද උදෑසන කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරවාසී මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සහිත සංඝගත දක්ෂිණාවක්ද සිදුකෙරුණි.