පන්නිපිටියේ ලී මෝලක ගින්නක්
April 22, 2024 08:12 am
පන්නිපිටිය, ලියනගොඩ ප්‍රදේශයේ ලී මෝලක ඇති වූ ගින්නකින් ලී මෝල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
අද (22) අලුයම 2.30 පමණ ගින්න හට ගෙන ඇති අතර ප්‍රදේශවාසීන් සහ කෝට්ටේ මහ නගර සභාවේ ගිනිනිවන රථ තුනක් සහ දෙහිවල මහ නගර සභාවේ ජල බහුසර යොදාගෙන මේ වනවිට ගින්න පාලනය කර ඇත.
විදුලි කාන්දුවක් ගින්නට හේතුවී ඇති බවට සැක කෙරේ.
ජීවිත හානි කිසිවක් සිදුවී නොමැති අතර දේපළවලට දැඩි හානි සිදුව තිබේ.



