එරබදු ශාකය වඳවීයෑමේ තර්ජනයක
April 12, 2024 07:58 pm
සිංහල දෙමළ අලුත් අවුරුද්ද හා බැදුණු එරබදු ශාකය හෝ මලක් දැකීම අද දුර්ලභ දසුනක් බවට පත්ව තිබේ.
ඒ, එරබදු ශාකයට හානි ගෙනදෙන කෘමි විශේෂයක් සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙනි.
"එරබදු" අතීතයේ සිට අවුරුදු සමයේ ඒ හා බද්ධවූ සුවිශේෂි ගසකි.
මෙරට එරබදු ශාක විශේෂයන් දෙකක් පවතින අතර ඒවා නම් 'එරබදු' සහ 'යක් එරබදු' ය.
උසින් මීටර් 10ක් පමණ වූ එරබදු ගස මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි.
වියළි කළාපයේ පහතරට, අතරමැදි කලාපයේ සහ පහතරට තෙත් කලාපයේ එරබදු දක්නට ලැබෙන අතර යක් එරබදු එම කලාපවලම ජලය ආශ්‍රිතව දක්නට පුළුවනි.
එම එරබදු විශේෂය වන්නේ Erythrina variegata (එරිත්‍රයිනා වැරිගේටා) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබයි.
අප්‍රේල් මස ළංවත්ම එරබදු ගස රතු පැහැති මලින් පිරීයන්නේ මුළු පරිසරයම අලංකාරවත් කරමිනි.
කෙසේවෙතත් Erythrina Gall Wasp ලෙස හඳුන්වන කෘමියෙකු හේතුවෙන් මේ වන විට එරබදු ශාකය දැඩි තර්ජනයකට ලක්ව තිබේ.
මෙම කෘමියා චීනය, ගුවාම්, හොංකොං, ඉන්දියාව, ජපානය, මොරිෂස්, පිලිපීනය, සිංගප්පූරුව, තායිවානය, තායිලන්තය සහ අමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ අතර එය පළමුවරට ලංකාවෙන් හමුවන්නේ, 2006 වසරේදීය.
මෙම කෘමියා එරබදු ශාකයේ ළපටි පත්‍ර සහ ළපටි කඳ සිදුරුකර බිත්තර දමා සුහුඹුලෙකු ලෙස එම ශාකයේම ජිවත්වනු ලබයි.
පසුකාලයේදී මෙම කෘමියා නිසා එම ශාකය විනාශයට පත්වන අතර මේ වන විට තෙත් කලාපයේ බොහෝ ස්ථානවල තිබූ එරබදු ශාක පසුගිය කාලයේදී විනාශයට පත්ව ඇත.
මේ කෘමියා නිසා එරබදු ශාකවලට තර්ජනයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ කේරළ කෘෂි විශ්වවිද්‍යාලයේ, කෘෂිකර්ම කීට විද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය කේ.ඩී ප්‍රතාපන් මහතා වන අතර ඔහුගේ සොයාගැනීම විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවක් මගින් එළි දක්වා තිබේ.
මහාචාර්ය සිරිල් විජේසුන්දර මහතා පෙන්වා දෙන්නේ, 2020දී රතු දත්ත පොත සකස් කිරීමේ දී වඳවීමේ ක්‍රියාවලියට පත්වීමට ආසන්න කාණ්ඩයට එක්කර ඇති එරබදු ශාකය නැවත මෙරට රෝපණය කිරීමට පියවර ගත යුතු බවය.
කෙසේවෙතත් හෙළයේ දැවැන්තම සංස්කෘතික මංගල්‍යය හා බද්ධ වෙමින් පැවැති එරබදු ශාකයක් හෝ මලක් දැකීම අද දුර්ලභ තත්ත්වයට පත්වීමට මිනිස් ක්‍රියාකාරකම්ද බලපා ඇති බව ජනශ්‍රැතිවේදීන් පවසයි.