සුපිරි තරු රාමසාන් සැමරූ හැටි

සුපිරි තරු රාමසාන් සැමරූ හැටි

April 12, 2024   04:44 pm

ඉන්දියාව රාමසාන් උත්සවය සැමරුවේ ඊයේ (11) දිනයේදීයි.

බොලිවුඩයේ වඩාත් ජනප්‍රියතම රංගන ශිල්පීයා වන ශාරුක් ඛාන් මෙවර රාමසාන් අසිරිය සිය රසිකයින් සමඟ ඔවුන්ට ආචාර කරමින් බෙදාගත්තේය.

සුපිරි නළු අමීර් ඛාන් සිය පුතුන් දෙදෙනා සමඟ පැමිණ සිය නිවස අසළ රැස්ව සිටි රසිකයින්ට සහ මාධ්‍යවේදීන්ට කැවිලි බෙදා දෙමින් රාමසාන් සමරා තිබුණි.

රාමසාන් සැමරීමට රසිකයින් සල්මාන් ඛාන්ගේ නිවස අසලටද පැමිණ සිටියේය.

එමෙන්ම ඉන්දීය සිනමා තරු රැසක් රාමසාන් සමරා තිබුණි.