මිරිස් ඇතුළු බීජ වර්ග කිහිපයක් අපනයනය කෙරේ

මිරිස් ඇතුළු බීජ වර්ග කිහිපයක් අපනයනය කෙරේ

April 7, 2024   11:08 am

පළමුවරට මෙරට බීජ වර්ග කිහිපයක් අපනයනය කිරීම සඳහා සූදානම් කර තිබේ. 

ඒ අනුව මිරිස්, වම්බටු , මාළු මිරිස්, බණ්ඩක්කා සහ බඩඉරිඟු යන විශේෂ කිහිපයක් සාර්ථක ලෙස අත්හදා බලා ඇති අතර එම බීජ මෙලෙස අපනයනය කිරීමට නියමිත බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 

එම බීජ සඳහා ඉහළ ඉල්ලුමක් විදේශ රටවල් රැසකින් ඉදිරිපත්වී ඇති බව සඳහන්ය.

බීජ පිළිබඳ පර්යේෂණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් විසින් සිදුකර තිබේ.

එමෙන්ම එම බීජ වැඩිදියුණු කිරීම හා සැකසීම ඉහළම තාක්ෂණය හා විශේෂඥ සහයෝගය ලබා ගනිමින් මෙරට පුද්ගලික අංශය විසින් සිදු කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පැවසීය.