නැගෙනහිර යුරෝපයේ රැකියා අවස්ථා ලැබුණු අපේ අය විඳින දුක
April 2, 2024 04:07 pm
නැගෙනහිර යුරෝපීය රටවලට රැකියා අවස්ථාව හිමිවූ මෙරට ශ්‍රමිකයින්ට වීසා ලබාගැනීමට ඉන්දියාවට යෑමට සිදුවී තිබීමෙන් ගැටලු රාශියක් මතුව ඇති බව බලපත්‍රලාභී විදේශ රැකියා සංගමය පවසයි.
විශේෂයෙන් පෝලන්තය, හංගේරියාව වැනි රටවල් පහළොවකට පමණ මෙම තත්ත්වය උදාවී ඇති බව ඔවුන් සඳහන් කළේය.
එම රටවල තානාපති කාර්යාල මෙරට ස්ථාපනය කර නොමැති නිසා එම රටවලට විදේශ රැකියා සඳහා යන ශ්‍රමිකයින්ට වීසා අත්සන් කර ගැනීමට ඉන්දියාවට යෑමට සිදුවීම නිසා ඔවුන්ට අමතරව රුපියල් ලක්ෂ තුනකට වැඩි මුදලක් වැයවෙන බව සඳහන් ය.
එසේම වීසා ලබාගැනීම පමා වුවහොත් රැකියා බලපත්‍රය ද අවලංගු වීමට ඉඩ ඇති අතර එසේ වුවහොත් එම අයදුම්කරුට විශාල මුදලක් අහිමි වන බව එම සංගමය පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් 2016 සිට තිලක් මාරපන මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස සිටින සමයේදී පවා සාකච්ඡා පැවැත්වූ බවත් වර්තමාන විදේශ කටයුතු අමාත්‍යවරයා සමග පවා මේ පිළිබඳ සාකච්ඡා කළත් ගැටලුවට නිසි පිළිතුරක් නොලැබුණු බව ඔවුන් සඳහන් කරයි.
ඩොලර් බිලියන පහකට වඩා වැඩි ආදායමක් ලබා ගැනීමට හැකියාවක් ඇති මෙම විදේශ රැකියා වෙළෙඳපොළ ට ඇති බවද එම සංගමය පැවසීය.