ලොව පුරා අපනයනය කෙරෙන අපේ රටේ නිපදවන සෙල්ලම් බඩු

ලොව පුරා අපනයනය කෙරෙන අපේ රටේ නිපදවන සෙල්ලම් බඩු

March 23, 2024   09:10 pm

ලෝකය සමග තරග කරන සුවිශේෂී ශ්‍රී ලාංකික ව්‍යාපාරයක් පිළිබඳ අද දෙරණ ට මෙලෙස තොරතුරු වාර්තා වුණි.

ඒ "ටිකිරි TOYS" නමැති ආයතනය පිළිබඳවය.

එම අයාතනය විසින් රෙදි භාවිතයෙන් සුරතල් බෝනිකන් සහ රබර් භාවිතයෙන් සුරතල් සතුන් නිර්මාණය කර ලොව පුරා අපනයනය කරයි.

ටිකිරි TOYS ප්‍රධාන විධායක නිලධාරී මනෝහරී ෂෙරීෆ් පැවසුවේ සිය ව්‍යාපාරය හරහා වාර්ෂිකව ඩොලර් මිලියන 12ක් උපයන බවය.

ටිකිරි TOYS ප්‍රධාන විධායක නිලධාරී මනෝහරී ෂෙරීෆ්,

"ජර්මනියේදී මෙයාගේ නම මොකක්ද ඇහුවා. නමක් තිබුණේ නැහැ . එකපාරටම මම කිව්වා මීයා කියලා. මීයාට දැන් යාළුවෝ ඉන්නවාද ඇහුවා ? මීයා සහ ඇල්වින් කියලා මම පොතක් ලිව්වා එය භාෂා 12කට පරිවර්තනය වුණා."

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඉහත වීඩියෝවෙන් නරඹන්න,