යාපනයේදී ජීවිත දෙකක් මුහුදට බිලිවෙයි

යාපනයේදී ජීවිත දෙකක් මුහුදට බිලිවෙයි

March 20, 2024   07:28 pm

යාපනය ඉලවලයි ප්‍රදේශයේ මුහුදු වෙරළේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනකු දියේ ගිලී මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ යාපනය ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 30 සහ 35 යන වයස්වල පසුවන දෙදෙනෙකි.

මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර ඉලවලයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.