තවමත් පෙළපොත්, නිල ඇඳුම් රෙදි ලැබුණේ නැද්ද ? වහාම දැනුම් දෙන්න
March 19, 2024 09:29 am
රජයේ සියලු පාසල් සිසුන් වෙත 2024 වර්ෂයට අදාළව පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි ලබාදීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
ඒ අනුව සියලු පාසල් වෙත බෙදාහැරීම පිණිස පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි දිවයිනේ සියලුම කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙත මේ වනවිටත් ලබා දී අවසන් ව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙතෙක් පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි නොලද කිසියම් පාසලක් වෙතොත් ඒ පිළිබඳ පහත දුරකථන / ෆැක්ස්/ ඊමේල් මඟින් වහාම දැනුම් දෙන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ විදුහල්පතිවරුන් වෙත දන්වා සිටී.
පෙළ පොත් සඳහා -
*දුරකථන අංක - 0112784815/0112785306
*ෆැක්ස් - 0112784815
*විද්‍යුත් ලිපිනය - epddistribution2024@gmail.com
නිල ඇඳුම් රෙදි සඳහා -
*දුරකථන අංක - 0112785573
*ෆැක්ස් - 0112785573
*විද්‍යුත් ලිපිනය - schoolsupplymoe@gmail.com