ඉහළ අහසේදී ගුවන් නියමුවන් දෙදෙනාට හොඳටම නින්ද යයි
March 11, 2024 03:06 pm
ඉන්දුනීසියාවේ අභ්‍යන්තර ගුවන් ගමනක යෙදෙමින් තිබූ ගුවන් යානයක නියමුවන් දෙදෙනාට ඉහළ අහසේදී නින්ද ගොස් ඇතිබව වාර්තා වෙයි.
එරට ප්‍රකට 'බතික් එයා' ගුවන් යානයක් සුලවෙසි ගුවන්තොටුපොළේ සිට ජාකර්තා ගුවන්තොටුපොළට පියසර කරමින් තිබීයදී එම සිද්ධිය වාර්තා වුණි.
ජනවාරි 25 වනදා එය සිදුව ඇති අතර ඒ වනවිට ගුවන් යානයේ මගීන් සහ කාර්ය මණ්ඩලය 153 දෙනෙක් සිට තිබේ.
ඒ හේතුවෙන් Airbus A320 ගුවන් යානය සුළු වෙලාවක් නියමිත ගමන් මාර්ගයෙන් වෙනත් දිසාවකට ගමන් කර තිබුණ ද එම ගුවන් යානය නිරුපද්‍රිතව ගොඩ බැස්සවීමට නියමුවෝ සමත්වූහ.
නමුත් එම නියමුවන් දෙදෙනාට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කිරීමට එරට ප්‍රවාහන අමාත්‍යංශය කටයුතු කරයි.
ඔවුන්ගේ සේවය මේ වනවිට අත්හිටුවා තිබේ.
වාර්තාවන ආකාරයට 32 හැවිරිදි ප්‍රධාන නියමුවා යානය ගුවන් ගත වීමෙන් පැය භාගයකට පමණ පසු සහායක නියමුවාට දන්වා ඇත්තේ තමාට විවේකය අවශ්‍ය බැවින් ගුවන් යානයේ පාලනය ගන්නා ලෙසයි.
සහායක නියමුවා ඊට එකඟ වී තිබුණි.
නමුත් අනතුරුව සහායක නියමුවාටත් නින්ද ගොස් තිබේ.
ඔහු ගේ බිරිඳට ඊට මාසයකට පමණ පෙර නිවුන් දරුවන් ඉපදී ඇති අතර ඔහු දරුවන්ගේ කටයුතු සඳහා බිරිඳට සහාය වන බැවින් හරිහැටි නිදා ගෙන නොතිබූ බව සඳහන් ය.
