ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවැනි 20-20 තරගය අද 

ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවැනි 20-20 තරගය අද 

March 6, 2024   10:58 am

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර දෙවන 20-20 තරගය සිලට් හිදී අද (06) පැවැත්වෙයි. 

තරගය අද පස්වරු 5.30ට ආරම්භ වීමට නියමිතය.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ  බංග්ලාදේශය අතර පැවැත්වෙන මෙම 20-20 ජාත්‍යන්තර තරගාවලිය තරග 3කින් සමන්විත වන අතර දෙරට අතර පළමු 20-20 තරගය ලකුණු 3කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණි.

ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ 1 - 0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

අද තරගයේදී ශ්‍රී ලංකා පිලේ පන්දුයවන්නෙකුගේ වෙනසක් සිදු විය හැකි බව වාර්තා වෙයි.

ඒ අනුව අද තරගයේදී නුවන් තුෂාරට හෝ ඩිල්ෂාන් මධුසංඛ ට අවස්ථාවක් හිමිවීමට ඉඩ ඇති බවද වාර්තා වෙයි.