සුප්‍රකට ගායිකාවගේ නමින් සරසවියට එක්කළ අලුත්ම පාඨමාලාව
March 4, 2024 11:33 am
අමෙරිකානු ගීත රචිකාවියක් මෙන්ම ප්‍රකට ගායිකාවක් වන ටේලර් ස්විෆ්ට් තරුණ ප්‍රජාව අතර සුප්‍රසිද්ධ චරිතයකි.
ඇයගේ හැකියාවන් සහ දක්ෂතාවයන් නිසාම ඇයට විශේෂ සම්මාන රැසක හිමිකාරියක් වීමට වරම් ලැබිණාය.
එමෙන්ම ඇය 14 වතාවක් Grammy සම්මානයට පාත්‍ර වූවාය.
ටේලර් ස්විෆ්ට් මේ වනවිට ආසියානු කලාපයේ සංචාරයක් අරඹා සිටින අතර ඒ හේතුවෙන් පිලිපීනයේ ද තරුණ ප්‍රජාව ඇය ගේ තොරතුරු සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දක්වයි.
මේ හේතුවෙන් ටේලර් ස්විෆ්ට් ගේ ප්‍රසිද්ධිය සහ ඇයගෙන් සමාජයට ඇති බලපෑම පිළිබඳව නව විශේෂිත පාඨමාලාවක් හඳුන්වාදීමට පිලිපීනයේ ප්‍රමුඛ විශ්වවිද්‍යාලයක් කටයුතු කර තිබේ.
එම පාඨමාලාව නම් කර ඇත්තේ, "සෙලිබ්‍රටි ස්ටඩීස් - ටේලර් ස්විෆ්ට් ඉන් ෆෝකස්" නමිනි.
ඒ අනුව විශ්ව විද්‍යාල සිසුන් මෙම විෂය ඒකකය හරහා ටේලර් ස්විෆ්ට් ගේ ප්‍රසිද්ධිය සහ සමාජයට ඇති බලපෑම සම්බන්ධයෙන් අධ්‍යයනය කළ යුතු වන බව විදෙස් වාර්තා පවසයි.
එය මෙහෙවනු ලබන්නේ මහාචාර්ය චෙරිස් බ්‍රිලන් විසිනි.
විද්‍යාර්ථීන් 300කට අධික පිරිසක් මෙම අධ්‍යයනය සමග සම්බන්ධ වී සිටින බව සඳහන් විය.
ටේලර් ස්විෆ්ට්, 2023 වසරේ ලෝකයේ වැඩිම සංගීත ප්‍රසංග ගණනක් පැවැත්වූ ගායිකාව ලෙස ද වාර්තා අතරට එක් ව සිටින්නීය.
එමෙන්ම ටයිම්ස් සඟරාව ඇය 2023 වසර සඳහා වසරේ පුද්ගලයා ලෙස ද නම් කළේය.
ෆෝර්බ්ස් සඟරාවට අනුව ටේලර් ලොව බලවත්ම කාන්තාවන් සියදෙනා අතර ද සිටියි.
2023 වසරේ ඔක්තෝබර් වන විට ඇගේ සම්පූර්ණ වත්කම ඩොලර් බිලියන 1ක ඉක්මවීමත් සමග ටේලර් ලොව ධනවත්ම කාලාකාරිනියන් අතරට ද එක් වූවාය.