පිදුරුගොඩට ගිනි ඇවිළී ඊට මැදිවූ පුද්ගලයෙක් මරුට

පිදුරුගොඩට ගිනි ඇවිළී ඊට මැදිවූ පුද්ගලයෙක් මරුට

March 1, 2024   02:55 pm

පිදුරුගොඩක හටගත් ගින්නකට වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.

හොරණ මොරගහහේන පොලිස් වසමේ තලගල තල්ගහවත්ත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩකරමින් සිටි පුද්ගලයෙකු අද (01) පෙරවරුවේ මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණදී ඇත. 

මොරගහහේන පොලීසිය පැවසුවේ මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 76 හැවිරිදි පුද්ගලයෙකු බවය.

මියගිය පුද්ගලයා මෙම නිවසේ මඩුවක් සකස් කිරීම සඳහා පැමිණ තිබුණි.

ඒ අනුව නිවසේ හිමිකරු විසින් ඔහුට කටයුත්තක් පවරා එම ස්ථානයෙන් බැහැරට ගොස් ඇති තිබේ.

ඔහු නැවත පැමිණෙන අවස්ථාවේදී පිරිදුරුගොඩ ඇවිලෙමින් තිබෙන අයුරු දැක එය නිවාදැමීමට උත්සාහ කිරීමේදී එම පිදුරුගොඩ තුළ අදාළ පුද්ගලයා වැටී සිටිනු දැක ඇත.

පසුව කඩිනමින් ඔහුව ඉන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණත් ඒ වනවිට එම පුද්ගලයා මියගොස් සිට ඇති බව පොලීසිය පවසයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති අතර මොරගහහේන  පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

"මම දැක්ක සැණින් ගිනිගොඩට පැන්නා... එයාව අත්දෙකෙන් මෙහාට ඇදගෙන ආවා" යැයි එහි සිටි පුද්ගලයා සාක්ෂි දෙමින් පොලීසියට පවසා තිබුණි.