වැල්ලවත්තේ හෝටලයක් ආසන්නයේ වෙඩි තැබීමක්

වැල්ලවත්තේ හෝටලයක් ආසන්නයේ වෙඩි තැබීමක්

February 27, 2024   08:12 am

ශිරාන් බාසික් නම් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් බවට පැවසෙන වැල්ලවත්ත පර්ල් බීච් හෝටලයට අද (27) අලුයම වෙඩි තබා තිබේ.

ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් ටී 56 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

වැල්ලවත්ත මුහුදු මාවත ප්‍රදේශයේදී අද අලුයම 5.30ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබිණි.

වෙඩි තැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුව නොමැති අතර හෝටලයට සුළු හානි සිදුව තිබේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර වෙඩි තැබීමට හේතුව ද මෙතෙක් හෙළි වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකරයි.