ඉන්දියාවට ජය

ඉන්දියාවට ජය

February 26, 2024   06:42 pm

ඉන්දියාව සහ එංගලන්තය අතර පැවති සිව් වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත්විය.

තරගය ජයගැනීම සඳහා ඉන්දීය කණ්ඩායමට ලකුණු 192ක ඉලක්කයක් ලැබුණු අතර කඩුලු 5ක් පමණක් දැවී එක සපුරා ගැනීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ.

ඒ අනුව තරග 5කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ, 3-1ක් ලෙස ඉදිරියට පැමිණීමට ඉන්දීය කණ්ඩායමට හැකිවී තිබේ.  

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 353ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායම ලකුණු 307ක් ලබාගත්තේය.

නමුත් එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 145කට සීමා විය. 

ඒ අනුව රංචි හි පැවති මෙම තරගය දින 4ක් තුළ නිමාවුණි.