2024 සිට මේ දක්වා වනඅලි 33ක් මරුට

2024 සිට මේ දක්වා වනඅලි 33ක් මරුට

February 24, 2024   06:30 pm

2024 ජනවාරි මස සිට මේ දක්වා වනඅලි 33 දෙනෙකු පමණ මියගොස් ඇති බව පරිසරවේදීන් පෙන්වා දෙයි.

අද (24) දිනයේ මහියංගනය ප්‍රදෙශයේදී ද අනවසර විදුලි රැහැනක පැටලී වනඅලියෙකු මියගොස් ඇත.

පරිසරවේදීන් පවසන්නේ ඊයේ දිනයේදී ද වනඅලියෙකු මියගොස් තිබූ බවය.

වනඅලි මරණයට පත්කරන පුද්ගලයන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස පරිසර සංවිධාන රජයෙන් ඉල්ලා සිටී.