ජස්ප්‍රිට් බුම්රාට විවේකයක්

ජස්ප්‍රිට් බුම්රාට විවේකයක්

February 21, 2024   02:39 pm

එංගලන්තයට එරෙහි ව පැවැත්වෙන සිව් වැනි ටෙස්ට් තරගයෙන් ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා විවේක ගන්වා තිබේ.

එළැඹෙන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් ඔහු විවේක ගන්වා ඇති බව වාර්තා වේ.

මේ අතර, තරගාවලියේ දෙවැනි සහ තෙවැනි ටෙස්ට් තරග අහිමි වූ කේ.එල් රාහුල්ට සිව් වැනි ටෙස්ට් තරගය ද අහිමි වීමට නියමිත බව සඳහන් ය.

ඉන්දියාව සහ එංගලන්තය අතර සිව් වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 23 වැනි දා ආරම්භ වීමට නියමිත යි.