බස් රියදුරු ශාන්ත ජයසේකර ට මගීන්ගෙන් උපහාර
February 21, 2024 01:42 pm
වසර 18ක කාලයක් බස් රියදුරෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකුට මගීන් එකතුවී උපහාර දැක්වීමේ සිද්ධියක් වාර්තා විය.
ඒ, හැටන් පෝඩයිස් හරහා ඩයගම දක්වා ධාවනය වූ ලංගම බස් රථයක රියදුරෙකු ට.
වසර 18ක කාලයක් එලෙස සේවය කළ ශාන්ත ජයසේකර මහතාට එම බස් රථයේ ගමන්ගත් මගීන් එක්වී උපහාර දැක්වීමට පසුගියදා කටයුතු කර තිබුණි.