ශ්‍රී ලංකා-ඇෆ්ගනිස්තාන තුන්වන 20-20 තරගය අද

ශ්‍රී ලංකා-ඇෆ්ගනිස්තාන තුන්වන 20-20 තරගය අද

February 21, 2024   07:34 am

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තෙවන පන්දුවාර 20යි 20 තරගය අද (21) පැවැත් වේ.

දඹුල්ල ක්‍රීඩාංගණයේදී පස්වරු 7.00ට තරගය ආරම්භවීමට නියමිතය.

පළමු තරග දෙකෙන්ම ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට තරගාවලිය 2-0 ලෙස ජයගෙන තිබේ.

ඇෆ්ගනිස්තානයේ ශ්‍රී ලංකා සංචාරය තුළ මේ දක්වා පැවති ටෙස්ට්, එක්දින සහ පන්දුවාර 20 යි 20 තරග සියල්ල ශ්‍රී ලංකා කණ්ඩායම ජයගැනීම විශේෂත්වයකි.