ගෝත්‍රික ගැටුම් ජීවිත රැසක් අහිමි කරයි
සයුරෙන් එතෙර

ගෝත්‍රික ගැටුම් ජීවිත රැසක් අහිමි කරයි

February 19, 2024   09:47 am

පැපුවා නිව්ගිනියා රාජ්‍යය තුළ දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවෙමින් පවතී.

සැඟව සිට සිදුකළ වෙඩිතැබීමකින් පසුගිය සති අන්තයේදී පුද්ගලයින් 64 දෙනෙකු ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ එම රට තුළ මෑතකදී වාර්තා වූ දරුණුතම ඝාතන සිද්ධිය බව සඳහන් ය.

විශේෂයෙන්ම එරට ප්‍රති විරුද්ධ ගෝත්‍රික කණ්ඩායම් අතර ප්‍රචණ්ඩ ක්‍රියා මේ වනවිට උග්‍ර වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පැවසීය.

ගෝත්‍රික කණ්ඩායම් මෙලෙස සටන් වදින්නේ ඉඩම් සහ අනෙකුත් සම්පත් අත්පත් කර ගැනීමේ අපේක්ෂාවෙනි.

ගෙවුණු වසරේ ජූලි මාසයේදී ද එන්ගා කලාපයේ ගැටුම් උග්‍ර වූ අතර ඒ හේතුවෙන් මාස තුනක් එම කලාපය මුළුමනින්ම වසාදැමීමට බලධාරීන් කටයුතු කළේය.

නීතිවිරෝධී ගිනි අවි මෙම කලාපයට ලැබීම හේතුවෙන් මෙසේ ගැටුම් උග්‍ර වන බව බලධාරීන් පැවසීය.