සැමියාගේ පහරදීමෙන් බිරිඳ මරුට

සැමියාගේ පහරදීමෙන් බිරිඳ මරුට

February 19, 2024   08:37 am

වැලිමඩ ඩයරබාවත්ත, උඩ කොටස ප්‍රදේශයේ නිවසක තිබී කාන්තාවකගේ මළසිරුරක් හමුව තිබේ.

මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ, මෙම කාන්තාවගේ සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 36 හැවිරිදි ඩයරබාවත්ත, උඩ කොටස ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

අඹුසැමියන් අතර ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් සැමියා අතින් පයින් පහර දී පසුව පිහියකින් ද පහර දී ඇති බව පොලීසිය පවසයි.

ඝාතනය සිදුකළ 35 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිමඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.