අත්අඩංගුවට ගත් මහනුවර ගුරුවරයා රිමාන්ඩ්
February 18, 2024 05:42 pm
මහනුවර තෙල්දෙණිය අධ්‍යාපන කලාපයට අයත් පාසලක තොරතුරු තාක්ෂණ විෂය ඉගැන්වීම සඳහා පාසලේ තිබූ ලැප්ටොප් පරිගණකයෙන් 12 හැවිරිදි සිසුවෙකුට ලිංගික හා නිරුවත් දර්ශන ඇතුළත් ඡායාරූප පෙන් වූ බවට සැකපිට එම පාසලේ ගුරුවරයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 07 වනදා සහ 09 වනදා පාසල් වේලාවේ දී මෙම ගුරුවරයා තමන්ව තොරතුරු තාක්ෂණ කාමරයට රැගෙන ගොස් නිරුවත් ඡායාරූප පෙන්වූ බවට එම සිසුවා දෙමාපියන් සමඟ පැමිණ තෙල්දෙණිය පොලීසියට පැමිණිල්ලක් කර ඇත.
පසුව පොලීසිය අදාළ ලැප්ටොප් පරිගණකය පොලිස් භාරයට ගෙන පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකාර ගුරුවරයාව අත්අඩංගුවට ගෙන තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කිර තිබේ.
එහිදී සැකකාර ගුරුවරයාව හෙට (19) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව වාර්තා වේ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ එම පාසලේ ඉගැන්වීම් කටයුතු කළ 53 හැවිරිදි තෙල්දෙණිය මඩපොළ ප්‍රදේශයේ පදිංචව සිටි ගුරුවරයෙකි.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ එම සැකකාර ගුරුවරයා තවත් 12 හැවිරිදි සිසුවෙකු නෙල්ලි ඇහිඳීමට කියා විදුහල්පති නේවාසිකාගාරය අසළ ඇති කැලෑවකට රැගෙන ගොස් ඇති බවය.
එහිදී බිම තිබූ බෝතල් කටුවකට එම සිසුවාගේ අත කැපී තුවාල වී ඇති බව එම සිසුවාගේ මව පොලීසියට ප්‍රකාශ කර තිබේ.
අගතියට පත් පාසල් සිසුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා තෙල්දෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.