දියේ ගිලීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට

දියේ ගිලීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට

February 18, 2024   08:38 am

කොටදෙණියාව - වරාදල ප්‍රදේශයේ මා ඔයේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත් ව ති‍බේ.

ඊයේ (17) දහවල් කලායේ දී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි.

එසේ මිය ගොස් ඇත්තේ, තලම්මැහැර - පන්නල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.

මරණකරු ඥාති නිවසක ළිඳක් ඉසීමට පැමිණ එම වැඩ අවසන් කර මා ඔයේ දිය නෑමට ගොස් සිටිය දී එම අනතුරට ලක් ව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙණියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අතර, දඹගල්ල පොලිස් වසමේ කෑදැත්තා ඔයේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත් ව ඇත.

එසේ මිය ගොස් ඇත්තේ, 62 හැවිරිදි ඉඟිණියාගල - නාමල්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.