අර්බුද මැද පාකිස්තානයේ ඉන්ධන මිලත් ඉහළ ට
සයුරෙන් එතෙර

අර්බුද මැද පාකිස්තානයේ ඉන්ධන මිලත් ඉහළ ට

February 16, 2024   12:57 pm

පාකිස්තානයේ භාරකාර රජය විසින් එරට පෙට්‍රල් මිල ඉහළ දමා තිබේ.

ඒ ඉකුත්දා පැවැති මහ මැතිවරණයේදී බහුතර බලය දිනාගෙන රජයක් පිහිටුවීමට එරට කිසිඳු දේශපාලන පක්ෂයක් සමත්වී නොමැති පසුබිමකය.

ආර්ථික අර්බුදය මධ්‍යයේ පැන නැගී ඇති දේශපාලන අර්බුද හේතුවෙන් පාකිස්තාන ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වී ඇත.