දිය වැලකට හසුවූ පිරිසක්ව බේරාගනී

දිය වැලකට හසුවූ පිරිසක්ව බේරාගනී

February 13, 2024   06:53 am

දිය වැලකට හසුවී දියේ ගිලෙමින් සිටි පාසල් සිසුන් සිව්දෙනෙක් හා තරුණයෙක්ව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් බේරාගෙන තිබේ.

ඊයේ (12) එම පිරිස පානදුර වෙරළ තීරයේ දිය නාමින් සිටීය දී දිය වැලකට හසුවී ඇත.

එලෙස බේරාගත් පිරිස අතර වසය අවුරුදු 12ක් හා 09ක් වූ පිරිමි ළමුන් දෙදෙනෙකු, වයස අවුරුදු 17ක් හා 14ක් වූ ගැහැනු ළමුන් දෙදෙනෙකු හා වයස අවුරුදු 23ක් වූ තරුණයෙකු සිටින බව පොලීසිය පවසයි.

එම පිරිස බේරාගැනීමට සඳහා කටයුතු කර ඇත්තේ, පානදුර වෙරළ තීරයේ ජීවිතාරක්ෂ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් පුෂ්පකුමාර හා පොලිස් කොස්තාපල් දසුන් යන නිලධාරීන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.