
ඉන්දියාවේ පූනේ නගරය මදුරුවන්ගෙන් වැසී ගිය ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
ඔවුන් මෙය වාර්තා කර තිබුණේ මදුරු ටොනෝඩෝව ලෙසය.
මෙහිදී මදුරුවන් ලක්ෂ ගණනක්, පුනීලාකාර ටොනේඩෝ ලෙස සැකසී අහස වසාගෙන සිටිනු දක්නට ලැබේ.
පූනේ ඔස්සේ ගලා යන මුතා නදිය පිටාර ගැලීමෙන් පහත්බිම් යටවීම සහ එහි මදුරුවන් විශාල ලෙස ඇතිවීම මෙම තත්ත්වයට හේතුව බව බලධාරීන්ගේ මතය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.



















































