ශිෂ්‍යත්ව හපනුන්ට දැනුම්දීමක්

ශිෂ්‍යත්ව හපනුන්ට දැනුම්දීමක්

February 12, 2024   12:49 pm

2023 වර්ෂයේ 5 ශිෂ්‍යත්ව අභියාචනා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට දැන් යොමු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ අනුව, 2023 වර්ෂයේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත සිසුන්ට 2024 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා අදාළ අභියාචනා 2024. 02. 13 දින සිට 2024. 02. 29 දින දක්වා මාර්ගගත ක්‍රමයට යොමු කිරීමට දැන් හැකියාව තිබේ. 

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස උපරිම වශයෙන් පාසල් තුනක් සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර http://g6application.moe.gov.lk/#/  දිගුව ඔස්සේ සෘජු ව ම අභියාචනා යොමු කිරීමේ හැකියාව ද පවතී.