ශ්‍රී ලංකාවට ලකුණු 42ක ජයක්

ශ්‍රී ලංකාවට ලකුණු 42ක ජයක්

February 9, 2024   10:46 pm

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද (09) පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 42ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 381ක් රැස් කළේ ය.

එහි දී පැතුම් නිස්සංක වාර්තා කළ ද්විත්ව ශතකය වාර්තා අතරට එක් වුණේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ඉනිමක වාර්තා වූ පළමු ද්විත්ව ශතකය ලෙසයි.

කෙසේ වෙතත් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ඇෆ්ගනිස්තානයට ලබා ගත හැකි වුණේ, ලකුණු 339ක් පමණි.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ මොහොමඩ් නබී පන්දු 130කින් ලකුණු 136ක් රැස් කළේ ය.

ඔහුට අනගි සහායක් ලබා දුන් අස්මතුල්ලා ඔමාසායි ද ඇෆ්ගනිතානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 149ක් රැස් කළේ ය.