සයුරෙන් එතෙර
තායිවානය චීනයට යන දොර වහයි
February 9, 2024 07:36 am
තායිවානය චීනය සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ, දෙරට අතර දිනෙන් දින වර්ධනය වන මතභේදාත්මක තත්ත්වය මධ්‍යයේය.
ඒ අනුව තායිවානයේ සංචාරක පරිපාලනය මගින් එරට සංචාරක කණ්ඩායම් සඳහා චීනයේ සංචාරය කිරීම තහමන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ, වසර 03 ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදිය.
තායිවාන සංචාරකයින් චීනයට යැවීමට සාපේක්ෂව චීන සංචාරකයින් තායිවානයට යොමු නොකිරීම ඊට හේතුවී ඇතැයි පැවසෙයි.
