ජගත් ප්‍රියංකර දිවුරුම් දෙයි
February 8, 2024 09:36 am
ජගත් ප්‍රියංකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (08) කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහා ජගත් ප්‍රියංකර මහතා මෙසේ දිවුරුම් දෙන ලදි.
පුත්තලම් දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවට අනුව ජගත් ප්‍රියංකර මහතා පුරප්පාඩු වු මන්ත්‍රී ධුරයට නම් කෙරුණු අතර ඔහුගේ නම මැතිවරණ කොමිසම පසුගිය දා ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කළේය.
ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන එල්. කේ ජගත් ප්‍රියංකර මහතා එම පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් නායකයා ලෙස ද කටයුතු කරයි.