ශ්‍රී ලංකාවට ලකුණු 56ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 56ක ඉලක්කයක්

February 5, 2024   02:14 pm

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 296ක් රැස්කරගත්තේය.

ඒ අනුව තරගය ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලැබී ඇති ඉලක්කය ලකුණු 56කි.

ඊයේ දිනය නිමාවන විට ප්‍රබල ස්ථානයක රැඳී ඇෆ්ගනිස්තානයේ බලාපොරොත්තු සුනුවිසුණු කර දැමීමට ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක ප්‍රබාත් ජයසූරිය සමත්විය.

එහිදී ඔහු පන්දුවාර 47කදී කඩුලු 5ක් දවාගැනීමට සමත්විය.

අසිත ප්‍රනාන්දු කඩුලු 3ක් දවාගත් අතර කසුන් රාජිත කඩුලු 2ක් දවාගැනීමට සමත්විය.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් අගනා ඉනිමක් ගොඩනැගූ ඉබ්‍රහීම් සද්‍රාන් හතරේ පහර 12ක් සමග ලකුණු 114 ක් රැස්කරගත්තේය.

සිය පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකාව ලකුණු 439ක් රැස්කරගත් අතර ඇෆ්ගනිස්තානය පළමු ඉනිම සඳහා ලකුණු 198ක් රැස්කරගෙන තිබුණි.