දියේ ගිලෙමින් සිටි 6 දෙනෙකු බේරාගනී

දියේ ගිලෙමින් සිටි 6 දෙනෙකු බේරාගනී

February 5, 2024   07:55 am

පානදුර වෙරළ තීරයේ  දියනාමින් සිටි පිරිසක් අතරින් 6 දෙනෙකු දිය වැලකට හසු වී ගසාගෙන යමින් සිටියදී පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් බේරාගෙන ඇත.

මෙලෙස දිවිබේරාගෙන ඇත්තේ අවුරුදු 16ත් 21ත් අතර වයසැති පිරිමි ළමුන් තිදෙනෙකු සහ ගැහැණු ළමුන් තිදෙනෙකු‍ ය.

මෙම දරුවන්ගේ දිවි බේරාගැනීමට සමත්ව ඇත්තේ පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ පොලිස් කොස්තාපල්වරුන් වන 69951  පුෂ්පකුමාර හා 93731 දේශාන් යන නිලධාරින් දෙදෙනා විසිනි.

ඊයේ (04) සවස් කාලයේ මෙම දරුවන් දියවැලට හසු වූ අවස්ථාවේ මෙම නිලධාරින් දෙදෙනා එකතුව මෙම දරුවන් වෙරළට රැගෙනවිත් වාහාම මූලික ප්‍රථමාධාර ලබා දී දරුවන්ව ඥාතීන් වෙත භාර දී ඇත.

මෙලෙස අනතුර මුහුණ දී ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචි පිරිසක් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.