header logo
Vallibel FD
Valible Le
විශේෂාංග
ඔබේ අත්වල ලේ - සමාජ මාධ්‍ය සමාගම්වලට චෝදනාවක්
ඔබේ අත්වල ලේ - සමාජ මාධ්‍ය සමාගම්වලට චෝදනාවක්
Mobitel 1278

අමෙරිකානු සෙනෙට් මණ්ඩල සාමාජිකයින් විසින් ඊයේ (31) ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම්වල ඉහළ පෙළේ නිලධාරීන් ව ප්‍රශ්න කර ඇති අතර එම සමාජ මාධ්‍ය හේතුවෙන් සමාජයට සිදුවී ඇති හානිය සම්බන්ධයෙන් චෝදනා කළ බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

සෙනෙට් මණ්ඩල සාමාජිකයින් පවසන්නේ එම ආයතන නියාමනය සඳහා කොංග්‍රසය හැකි ඉක්මණින් සුදුසු නීති සම්මත කළ යුතු බවය.

එසේම එම මාධ්‍ය ජාල ඔස්සේ ළමුන්ව විවිධ අපයෝජනයට ලක්වීම සිදුවන බවත් එය වළක්වාලීමට සමාජ මාධ්‍ය සමාගම් අපොහොසත් වී ඇති බවත් පෙන්වා දුන් සෙනෙට් සාමාජිකයෝ "ඔබේ අත්වල රුධිරය තිබෙනවා..." යනුවෙන්ද සමාජ මාධ්‍ය සමාගම්වල නිලධාරීන් ට පැවසීය.

මෙම කරුණු වාර්තා වූයේ අමෙරිකානු සෙනෙට් මණ්ඩලය විසින් කැඳවා ඇති විශේෂ කමිටු විභාගයක දීය.

එහි අරමුණ වන්නේ සමාජ මාධ්‍ය සමාගම් ලාභ ලැබීමේ අරමුණු මත නිසි ආරක්ෂණ ක්‍රමවේද හඳුන්වා නොදී විශේෂයෙන්ම ළමුන් ට හානිවන ආකාරයට කටයුතු කරන බවට දෙමව්පියන් සහ මානසික සෞඛ්‍ය විශේෂඥයින් මතුකර ඇති කරුණු සම්බන්ධයෙන් සොයා බැලීමය.

"සකර්බර්ග් මහත්මයා, ඔබ සහ සමාගම් අපේ ඉදිරියේ ඉන්නවා. මම දන්නවා ඔබ හිතනවා ඔබ එවැන්නක් කිරීමට සිතුවේ නෑ...නමුත් ඔබලාගේ අත්වල රුධිරය ගෑවිලා," යනුවෙන් රිපබ්ලිකන් සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් පැවසීය.

ඔහු මෙටා ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් ට පැවසුවේ, "ඔබට නිෂ්පාදනයක් තිබෙනවා...ඉන් මිනිසුන් මරා දමනවා..." යනුවෙනි.

මෙම අවස්ථාවට සකර්බර්ග් සමග X ප්‍රධාන විධායක ලින්ඩා යකරිනෝ, ස්නැප් ප්‍රධාන විධායක ඉවාන් ස්පීගල්, ටික්ටොක් ප්‍රධාන විධායක ෂෝ සී චූ සහ ඩිස්කොර්ඩ් සමාගමේ ප්‍රධාන විධායක ජේසන් සිට්‍රොන් එක්වූහ.

මෙම අවස්ථාවට එක්වූ ඩික් ඩර්බින් දත්ත පෙන්වමින් පැවසුවේ මූල්‍යමය වාසි පෙන්වා, සමාජ මාධ්‍ය ඔස්සේ බාල වයස්කරුවන් ව රවටා ඔවුන්ගේ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ ගෙන්වා ගැනීමට සමහර පුද්ගලයින් කටයුතු කරන බවය.

සෙනෙට් සභික ඩර්බින් පෙන්වා දුන්නේ, "මෙය ළමා ලිංගික සූරාකෑමේ බලාපොරොත්තු නොවන වර්ධනයක්, එය සිදුවන්නේ එක් කරුණක් ඒ කියන්නේ තාක්ෂණයේ වෙනස්කම් නිසා..." යනුවෙනි.

මෙම කටයුතු ආරම්භයේදී ම කමිටුව විසින් වීඩියෝවක් එළි දැක්වීය. එහි දක්නට ලැබුණේ ළමුන් තමන්ව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අතවර වලට ලක්වූ ආකාරය සම්බන්ධ යෙනි.

"මාව ෆේස්බුක් ඔස්සේ ලිංගික අතවරයට ලක්වුණා..." එහිදී එක් දරුවෙක් පැවසීය. ඔහුගේ සෙවනැල්ල පමණක් එම වීඩියෝවේ දැක්වුණි.

මෙම අවස්ථාව ට එක්වූ දෙමව්පියන් පිරිසක් තම දරුවන්ගේ ඡායාරූප පෙන්වමින් "එම දරුවන්" සමාජ මාධ්‍ය හේතුවෙන් හානි කරගත් බව පැවසීය.

මේ අතර ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය වල හිමිකාරීත්වය දරන මෙටා සමාගමේ ප්‍රධාන විධායක, මාර්ක් සකර්බර්ග් අදහස් දැක්වීම ආරම්භ කළ විට දෙමව්පියන් පිරිසක් හූ කියමින් විරෝධය දැක්වීය.

එසේම ඔහු පැවසූ බොහෝ කරුණු සඳහා දෙමව්පියන් සිය විරෝධය දක්වනු දැකිය හැකිවිය.

එක් අවස්ථාවකදී, සෙනෙට් මණ්ඩල සභික ජෝෂ් හව්ලි සකර්බර්ග් ට අභියෝග කළේය. එහිදී ඔහු පැවසුවේ දෙමව්පියන් ට ඝෘජුවම කනගාටුව ප්‍රකාශ කරන ලෙසටය.

දෙමව්පියන් දෙසට සකර්බර්ග් හැරෙන විටම ඔවුන් නැවතත් අනතුරට ලක්වූ සිය දරුවන්ගේ ඡායාරුප ඉහළට ඔසවමින් විරෝධය දැක්වීය.

එම දෙමව්පියන් මුහුණදුන් අවස්ථා ගැන සකර්බර්ග් සිය කනගාටුව ප්‍රකාශ කළේය. අනෙක් අයට එවැන්නක් සිදුවීම වැළැක්වීමට අවශ්‍ය කටයුතු කරන බවට ඔහු පොරොන්දු විය.

නමුත් සිදුවූ අතවර සම්බන්ධයෙන් සෙනෙට් සභිකයා අභියෝග කළ ආකාරයට, වගකීම බාරගැනීමෙන් සකර්බර්ග් වැළකී සිටි බව එම කමිටු සැසිවාරය සම්බන්ධයෙන් සවිස්තරාත්මක ව වාර්තා කළ රොයිටර්ස් පුවත් සේවය පැවසීය.

මෙම අවස්ථාවේ උණුසුම් වචන හුවමාරුවක් ඇතිවුණි.

එහිදී කමිටු සාමාජිකයින් මෙටා සමාගමේ "ප්‍රධාන ප්‍රතිපත්ති විධායකයා" සකර්බර්ග් ට යොමුකළ විද්‍යුත් ලිපි කිහිපයක් පෙන්වීය.

එහි දැක්වෙන්නේ ආරක්‍ෂිත ක්‍රමවේද තවත් දියුණු කිරීම සඳහා තාක්ෂණික ඉංජිනේරුවන් 45ත් 84ත් අතර ප්‍රමාණයක් බඳවා ගැනීමට එම නිලධාරියා කළ ඉල්ලීම් සකර්බර්ග් ප්‍රතික්ෂේප කර ඇති ආකාරයයි.

මෙම විමර්ශනය තුළ චීන සමාගමක් වන බයිට්ඩාන්ස් සමාගමට අයත් ටික්ටොක් සමාජ ජාලය පිළිබඳ විශේෂ කරුණු විමසීමක් සිදුවිය.

ඊට එක්වීමට සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීයා පැමිණ තිබුණේ සිංගප්පූරුවේ සිට ය.

තමන් කිසිදාක චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකත්වය දරා ඇත්දැයි අමෙරිකානු සෙනෙට් සභික ටොම් කොටන් මෙහිදී ඔහුගෙන් විමසා තිබුණි.

ටික්ටොක් ප්‍රධානියා එහිදී අවධාරණය කර සිටියේ තමන් සිංගප්පූරු ජාතිකයෙකු බවය.

එමෙන්ම සිංගප්පූරුවේ සිටින තම දරුවන් ටික්ටොක් භාවිත නොකරන බවද මෙහිදී ඔහු පිළිගත්තේය.

ඒ එරට දැඩි නීති හමුවේ වයස අවුරුදු 13ට අඩු ළමයින්ට ටික්ටොක් ගිනුම් විවෘත කිරීම තහනම් වීම හේතුවෙනි.

කෙසේ නමුත් විමර්ශනයේ වැඩිම චෝදනා එල්ල වූයේ මෙටා ප්‍රධානී මාර්ක් සකර්බර්ග් වෙත ට ය.

ඒ ඔහු දැනට අවස්ථා 8කදී කොංග්‍රසය හමුවේ කරුණු දක්වා ඇති පසුබිමක වීම විශේෂත්වයකි.

සමාජ මාධ්‍ය සඳහා පනවා ඇති සීමා දැඩි කිරීම සම්බන්ධව මෙහිදී සෙනෙට් සභිකයින්ගේ අවධානය යොමුව තිබුණි.

එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ පරිශීලකයින්ගේ දත්ත රැස්කිරීම නැවැත්වීම සම්බන්ධව ගෙනඒමට නියමිත නව කෙටුම්පතට සහාය දක්වන්නේද යන්න මෙහිදි නීති සම්පාදකයෙක් සමාගම් ප්‍රධානීන්ගෙන් විමසීය.

කෙසේ නමුත් ඒ පිළිබඳ ඔවුන් කිසිවෙක් පිළිතුරු දී නැත.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක  | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

 විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

දෑතට විලංගු ලා කස්සප හිමි... ත්‍රිකුණාමලය අධිකරණයට රැගෙන ආ හැටි

දෑතට විලංගු ලා කස්සප හිමි... ත්‍රිකුණාමලය අධිකරණයට රැගෙන ආ හැටි

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

කෝපි හදන, කෑම බෙදන, මේස පිහින රොබෝ වේටර්වරු ! - චීනයේ APEC මාධ්‍ය මධ්‍යස්ථානයේ පෙරළියක් | Ada Derana

කෝපි හදන, කෑම බෙදන, මේස පිහින රොබෝ වේටර්වරු ! - චීනයේ APEC මාධ්‍ය මධ්‍යස්ථානයේ පෙරළියක් | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

"කාලගුණ අනාවැකි අනුව සමාජ බලපෑම් පිළිබඳ වාර්තාවක් සකසන්න" - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් | Ada Derana

"කාලගුණ අනාවැකි අනුව සමාජ බලපෑම් පිළිබඳ වාර්තාවක් සකසන්න" - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

කථානායකගේ රියදුරන් දෙදෙනා අල්ලස් කොමිසමට ගෙන්වයි | Ada Derana

කථානායකගේ රියදුරන් දෙදෙනා අල්ලස් කොමිසමට ගෙන්වයි | Ada Derana

කාවන්තිස්සගේ වටිනාකම උසාවිය ඉල්ලයි - දීගදන්තු 1 මිලියන 90යි | Ada Derana

කාවන්තිස්සගේ වටිනාකම උසාවිය ඉල්ලයි - දීගදන්තු 1 මිලියන 90යි | Ada Derana

"පූජාභූමි සංවර්ධනයට බාධා කරන්න එපා, වැටක් ගහන්නේ හරක් රිංගනවාට" - වැඩබලන අටමස්ථානාධිපති | Ada Derana

"පූජාභූමි සංවර්ධනයට බාධා කරන්න එපා, වැටක් ගහන්නේ හරක් රිංගනවාට" - වැඩබලන අටමස්ථානාධිපති | Ada Derana

පොලිස්පති ධුරයේ වැඩබැලීම SDIG සංජීව ධර්මරත්නට | Ada Derana

පොලිස්පති ධුරයේ වැඩබැලීම SDIG සංජීව ධර්මරත්නට | Ada Derana

ත්‍රිකුණාමලය උසාවියට වරෙන්තු වූ බලංගොඩ කස්සප හිමි අද දක්වා රිමාන්ඩ් | Ada Derana

ත්‍රිකුණාමලය උසාවියට වරෙන්තු වූ බලංගොඩ කස්සප හිමි අද දක්වා රිමාන්ඩ් | Ada Derana

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

 ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

 ණය පොලී බර අඩුවෙයි

ණය පොලී බර අඩුවෙයි

 සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්