දුම්රිය හරස් මාර්ගයක් වැසෙයි

දුම්රිය හරස් මාර්ගයක් වැසෙයි

January 28, 2024   04:31 pm

කැකිරාව - ගනේවල්පොළ මාර්ගයේ කැකිරාව සහ පළුගස්වැව දුම්රිය ස්ථාන අතර සැ. 118 දම්.54 දරණ ස්ථානයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් සිදුකිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් දින 02ක කාලයක් එම මාර්ගය හරහා වාහන ගමනාගමන කටයුතු තාවකාලිකව නවතා දැමීමට සිදුවන බවද එම දෙපාර්තමේන්තුව පැවසීය.

නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉඳිපොලගේ මහතා පැවසුවේ එළඹෙන පෙබරවාරි මස 07 සහ 08 යන දිනයන්හිදී අදාළ මාර්ගය හරහා වාහන ගමනාගමනය තාවකාලිකව නවතා දැමීමට කටයුතු කරන බවය.

ඒ අනුව 07 වනදා පෙරවරු 7.00 සිට පෙරවරු 10.30 දක්වා අර්ධ වශයෙන්ද, පෙරවරු 10.30 සිට රාත්‍රී 10.30 දක්වා සම්පූර්ණ වශයෙන් වසා තබනු ඇත. 

එමෙන්ම 08 වනදා පෙරවරු 6.00 සිට රාත්‍රී 10.30 දක්වා අර්ධ වශයෙන්ද මාර්ගය වසා තැබෙනු ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

අර්ධ වශයෙන් වසා තැබෙන කාලය තුළ මෙහි වාහන ධාවනය කිරීමේදී වාහන හැසිරවීම සිදුකරන ලබන බවත් සම්පුර්ණ වශයෙන් වසා තැබෙන කාලය තුළ විකල්ල මාර්ග භාවිතා කරන ලෙසත් දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

විකල්ප මාර්ග පහත නිවේදනයේ දැක්වෙයි.