කොළඹ වරායට ආ කුණු මාළු

කොළඹ වරායට ආ කුණු මාළු

January 27, 2024   01:45 pm

සීෂෙල්ස් සිට තායිලන්තය දක්වා ගමන් ගත් නෞකාවක තිබූ නරක් වූ මාළු අඩංගු බහාලුම් 98ක් කාබනික පොහොර සෑදීමට බව කියමින් මෙරටට ගොඩ බා ඇති බව රජයේ ගිණුම් කාරක සභාවේ දී අනාවරණය වී ඇත.

එම නෞකාව මෙරටට ගෙන ඒමට කටයුතු කළ මෙරට නියෝජිතයා සතු ව සැමන් කර්මාන්ත ශාලාවක් පවතින බවත් නෞකාවේ තිබු නරක් වූ මාළු අඩංගු බහාලුම් 04කට සිදු වූ දෙයක් නොමැති බවත් එහි දී වැඩිදුරටත් හෙළි වී තිබේ.

නෞකාවට වරායේ ගොඩ බෑම සඳහා බලපත්‍රයක් ලබා දී ඇති බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් ආනයන අපනයන පාලක ජනරාල් ටී.ටී.උපුල්මලී ප්‍රේමතිලක මහතා පැවසුවේ, මෙම බලපත්‍රය මත්ස්‍ය අපද්‍රව්‍ය සඳහා නිකුත් කර ඇති බවයි.

මාර්තු 05 වැනි දා මීට අදාළ සියලු රාජ්‍ය ආයතන කැඳවා මේ පිළිබඳ වැඩිදුරටත් සොයාබලන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.