header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
සනත් නිශාන්තගෙන් පසු පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය ගැන දැනුම්දීමක්
Jan 25, 202409:26 AM
සනත් නිශාන්තගෙන් පසු පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය ගැන දැනුම්දීමක්
Mobitel 1278

අද (25) අලුයම දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ජීවිතක්ෂයට පත් විය.

1975 මැයි මස 03 වැනි දා හලාවත දී උපත ලබන සනත් නිශාන්ත පෙරේරා මහතාට වැඩිමහලු සහෝදරියක් සහ සහෝදරයන් තිදෙනෙකු සිටින බව වාර්තා වේ.

ඒ අතරින් එක් සහෝදරයෙකු මේ වන විට මිය ගොස් ඇත.

සනත් නිශාන්ත මහතා හලාවත ශාන්ත මරියා පිරිමි විද්‍යාලයේ ආදි සිසු‍වෙකි.

1997 වසරේ දී ආරච්චිකට්ටුව ප්‍රා‍දේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළත් ඔහුට ජයග්‍රහණය කිරීමට නොහැකි විය.

එම ප්‍රා‍දේශීය සභා මැතිවරණය ජයග්‍රහණය කර සභාපතිවරයා බවට පත්වූ සරත් හේමචන්ද්‍ර මහතාගේ ඝාතනයෙන් අනතුරුව සනත් නිශාන්ත මහතාට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභිකයෙකු ලෙස කටයුතු කරන්නට හැකියාව ලැබිණි.

2004 වසරේ පැවති වයඹ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කරන ඔහු 2009 වසරේ පැවති පළාත් සභා මැතිවරණයෙන් ද ජයග්‍රහණය ලැබුවේ ය.

2010 මැයි මස 31 වැනි දා වයඹ පළාත් සභාවේ ධීවර, මහා මාර්ග, විදුලි බල අමාත්‍යවරයා ලෙස ද ඔහු පත් විය.

අනතුරු ව පැවති වයඹ පළාත් සභා මැතිවරණයේ දී මනාප ඡන්ද 62,996ක් ලබා පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට හෙතෙම පත් වී නැවත පෙර අමාත්‍ය ධුරයටම පත් විය.

එම පළාත් සභාවේ දී එක් අවස්ථාවක වැඩ බලන ප්‍රධාන අමාත්‍ය ධුරය දැරීමට ද ඔහුට හැකි විය.

2015 පැවති පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී මනාප ඡන්ද 80,082ක් ලබා ගන්නා සනත් නිශාන්ත මහතා පාර්ලිමේන්තුවට තේරී පත් විය.

‍ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ධීවර රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් වන අතර, අනතුරුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී පුත්තලම දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ප්‍රමාණයක් ලබා ගත් අපේක්ෂකයා බවට ද පත් විය.

මිය යන විට ඒ මහතා වත්මන් රජයේ ග්‍රාමීය ජල සම්පාදන රාජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේ ය.

ඊයේ (24) රාත්‍රියේ හලාවත - බණ්ඩාරවත්ත ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල සාදයකට සහභාගි වී ආපසු කොළඹ බලා යමින් සිටින අතරතුර කටුනායක - ‍කොළඹ අධිවේගී මාර්ගයේ දී සනත් නිශාන්ත මහතා ගමන් කරමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථය ඉදිරියෙන් ගමන් කරමින් තිබූ කන්ටේනර් රථයක පසුපස ගැටීමෙන් අනතුර සිදු වී තිබිණි.

නීතිඥ චමරි පෙරේරා සමඟ විවාහ වී සිටින සනත් නිශාන්ත මහතා දියණියන් තිදෙනෙකුගේ සහ එක් පුතෙකුගේ පියෙකි.

සනත් නිශාන්ත මහතාගෙන් පුරප්පාඩු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා පසුගිය මැතිවරණයට ඉදිරිපත් වූ ජගත් ප්‍රියංකර මහතා සුදුසුකම් ලබා ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ජනාධිපති කාර්යාලය අසල රැස්ව සිටි පිරිසට පොලිසියෙන් අවසන් දැනුම්දීමක්

ජනාධිපති කාර්යාලය අසල රැස්ව සිටි පිරිසට පොලිසියෙන් අවසන් දැනුම්දීමක්

 සිරගෙට යන්න සූදානමින්චීවරයක් අතින් දරා නැගී සිටි කස්සප හිමි

සිරගෙට යන්න සූදානමින්චීවරයක් අතින් දරා නැගී සිටි කස්සප හිමි

ජනාධිපති කාර්යාලය අසල නොසන්සුන්තාව...නවතම දර්ශන

ජනාධිපති කාර්යාලය අසල නොසන්සුන්තාව...නවතම දර්ශන

 මහ වැසි නොතකා ජනපති කාර්යාලය ඉදිරිපිට රැය පහන්කරන්න සූදානම් වෙන මහ සඟරුවන

මහ වැසි නොතකා ජනපති කාර්යාලය ඉදිරිපිට රැය පහන්කරන්න සූදානම් වෙන මහ සඟරුවන

 මහ සඟරුවන සමග සාකච්ඡාවට ජනාධිපති ලේකම් පැමිණෙයි.."ඥානසාර හිමිට දුන් නිදහස නිවැරදි කරන්න"

මහ සඟරුවන සමග සාකච්ඡාවට ජනාධිපති ලේකම් පැමිණෙයි.."ඥානසාර හිමිට දුන් නිදහස නිවැරදි කරන්න"

මහනුවරට මෙට්‍රෝ බස් සේවාව දියත් කිරීමේ මුල් පියවර තබයි

මහනුවරට මෙට්‍රෝ බස් සේවාව දියත් කිරීමේ මුල් පියවර තබයි

 අම්පාර නගර සභාව යුද පිටියක් වෙයි - "සඟරුවනට අපහාස එපා..සිවුරටයි අත තිබ්බේ"

අම්පාර නගර සභාව යුද පිටියක් වෙයි - "සඟරුවනට අපහාස එපා..සිවුරටයි අත තිබ්බේ"

කොළඹට ළඟාවූ පාගමනේ නවතම දර්ශන මෙන්න

කොළඹට ළඟාවූ පාගමනේ නවතම දර්ශන මෙන්න

"මහා සංඝරත්නය ආණ්ඩුවට විරුද්ධව පෙළගැසීම හොඳ දෙයක් නෙමෙයි" - "අද කොළඹට වැඩම කරනවා"

"මහා සංඝරත්නය ආණ්ඩුවට විරුද්ධව පෙළගැසීම හොඳ දෙයක් නෙමෙයි" - "අද කොළඹට වැඩම කරනවා"

 "ජාතිවාදයට ඔළුව උස්සන්න දෙන්නේ නැහැ" | මොනරාගලදී ලාල්ගෙන් සැර කතාවක්

"ජාතිවාදයට ඔළුව උස්සන්න දෙන්නේ නැහැ" | මොනරාගලදී ලාල්ගෙන් සැර කතාවක්

 ඉදිරියට ඇදෙන පාගමනේ නවතම දර්ශන

ඉදිරියට ඇදෙන පාගමනේ නවතම දර්ශන

 "පාගමනක් ආවා කියලා අධිකරණ කටයුතුවලට අපි මැදිහත් වෙන්නේ නැහැ"

"පාගමනක් ආවා කියලා අධිකරණ කටයුතුවලට අපි මැදිහත් වෙන්නේ නැහැ"

 2026 රේගු ආදායම් ඉලක්කය කලින්ම සපුරලා ඉක්මවාත් ගිහින්.."ඊයේ වෙද්දී රු.බි. 2208ක් රැස් කළා"

2026 රේගු ආදායම් ඉලක්කය කලින්ම සපුරලා ඉක්මවාත් ගිහින්.."ඊයේ වෙද්දී රු.බි. 2208ක් රැස් කළා"

 පාගමන කොළඹ කොටුව ආසන්නයට..ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ආරක්ෂාව දැඩි කරයි

පාගමන කොළඹ කොටුව ආසන්නයට..ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ආරක්ෂාව දැඩි කරයි

එළියට වැඩම කරවීමේදී චීවරය දරා සිටීමට අවසර.. සිවුර ගැන කමිටුවේ නිර්දේශ අධිකරණ ඇමති හෙළිකරයි

එළියට වැඩම කරවීමේදී චීවරය දරා සිටීමට අවසර.. සිවුර ගැන කමිටුවේ නිර්දේශ අධිකරණ ඇමති හෙළිකරයි

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

රට පුරා තැන තැන අදත් තද වැසි

රට පුරා තැන තැන අදත් තද වැසි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...

බන්ධනාගාරගත භික්ෂුන්ට චීවරයෙන් උසාවි වඩින්න ඉඩ - කමිටු වාර්තාව ජනපතිට

බන්ධනාගාරගත භික්ෂුන්ට චීවරයෙන් උසාවි වඩින්න ඉඩ - කමිටු වාර්තාව ජනපතිට

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

IT උපාධිධාරීන්ට සරිලන රැකියා නැහැ

IT උපාධිධාරීන්ට සරිලන රැකියා නැහැ

නිදහසේ පාද යාත්‍රාව අද නිට්ටඹුවේ සිට කඩවතට

නිදහසේ පාද යාත්‍රාව අද නිට්ටඹුවේ සිට කඩවතට