නායකත්වය මිචෙල් මාෂ්ට

නායකත්වය මිචෙල් මාෂ්ට

January 24, 2024   03:19 pm

එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය සඳහා මිචෙල් මාෂ් නම් කර තිබේ. 

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ නායකත්වය ද ඔහුට ලබා දී ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

කෙසේ වෙතත් මිචෙල් මාෂ්, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වයට පත් කිරිම සම්බන්ධයෙන් එරට ක්‍රිකට් ආයතනය ඉදිරියේ දී නිල ප්‍රකාශයක් සිදු කිරිමට නියමිතයි.