ගෞතම් අදානි ට එරෙහිව ගම්මු නැගී සිටිති
January 24, 2024 02:18 pm
ගෞතම් අදානි ලොව ධනවතුන් අතර ඉදිරියෙන් සිටින පුද්ගලයෙකි.
දකුණු ඉන්දීය, තමිල්නාඩු ප්‍රාන්තයේ කට්ටුපල්ලි නම් ගම්මානයේ වෙරළ තීරය ආශ්‍රිතව ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති වරාය ව්‍යාපෘතියකට එරෙහිව මේ වනවිට ගම්වාසීන් විරෝධතා පවත්වයි.
අදානි, එම වරායේ හිමිකරු වෙයි.
බෙංගාල බොක්ක වෙරළ ආශ්‍රිතව පිහිටා ඇති එම ගම්මානයේ බොහෝදෙනා ධීවරයින් ලෙස සිය ජීවිකාව ගෙනයති.
ඔවුන් පවසන්නේ වරාය තවත් ව්‍යාප්ත කළහොත් සිය ගම්මාන විනාශ වී සිය ජීවන මාර්ග ද අවහිර විය හැකි බවයි.
නමුත් අදානි සමාගම එය ප්‍රතික්ෂේප කරයි.
අක්කර 330ක් පමණ ප්‍රදේශයක් පුරා පැතිර යන මෙම බහුකාර්ය වරාය ඉදිකරන ලද්දේ Larson & Toubro නම් සමාගම විසිනි.
එය 2018 දී අදානි පෝට්ස් සමාගම විසින් මිලදී ගත්තේය.
මේ වනවිට එම ව්‍යාපෘතිය තවත් 18 ගුණයකින් වැඩි කිරීමට අදානි පෝට්ස් සමාගම යෝජනා කර ඇති අතර ඔවුන් වෙරළ තීරයේ අක්කර 6,110ක් ලබාගැනීමට සැලසුම් කර තිබේ.
එම ව්‍යාපෘතිය නිමකළ පසු වාර්ෂිකව හැසිරවිය හැකි බහාලුම් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 24.6 සිට 320ක් දක්වා ඉහළ යයි.
එසේම ප්‍රදේශය පුරා නව දුම්රිය මාර්ග පද්ධති සහ මහමාර්ග පද්ධති නිර්මාණය කෙරෙන බවත් එමගින් වෙළෙඳ සම්බන්ධතා වර්ධනය වෙතැයි අදානි පෝට්ස් සමාගම පවසයි.
නමුත් ධීවර ප්‍රජාව පවසන්නේ මෙම ව්‍යාපෘතිය මගින් මත්ස්‍ය සම්පත විනාශ විය හැකි බවයි.