සමන් දිසානායක වැඩ බලන ආරක්ෂක ලේකම් ධුරයට
January 22, 2024 06:30 pm
ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් දිසානායක මහතාව වැඩ බලන ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්කර ඇත.
අද (22) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකර ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා යළි දිවයිනට පැමිණෙන දිනය දක්වා බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරීම සිදුකර ඇති බවය.