පේරාදෙණියේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකු මරුට

පේරාදෙණියේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකු මරුට

January 22, 2024   03:32 pm

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 60 හැවිරිදි වියේ පසුවූ ලක්නාත් පීරිස් නමැති කෘෂිකර්ම පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකි.

පොලීසිය සැකපළ කරන්නේ ඖෂධ අධිමාත්‍රාවක් සහ කෘමිනාශක ශරීරගතවීමෙන් එම මරණය සිදුව ඇති බවටය.

ඔහු සිය බිරිඳ සමග පරණ ගලහ පාර සරසවි උයන ප්‍රදේශයේ පිහිටි නේවාසික නිවාසයේ වාසය කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.