ජනපතිගේ වැඩපිළිවෙළට ගෝලීය නායකයන්ගේ පැසසුම
January 21, 2024 01:19 pm
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමට ජනපති ගෙන යන වැඩපිළිවෙළ ගෝලීය නායකයන්ගේ පැසසුමට ලක් ව ඇති බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසයි.
ජනපති උගන්ඩාවේ සිදු කරන නිල සංචාරය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මේ අතර, උගන්ඩාවේ කම්පාලා නුවර දී G77 හා චීනය 03 වැනි දකුණු සමුළුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) ඇමතීමට නියමිත ව තිබේ.
උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වුණු නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමී ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ටැන්සානියා අග්‍රාමාත්‍ය කසිම් මජ්අලීවා මහතා අතර හමුවක් පැවැත්විණි.
එමෙන්ම බහමාස් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය පිලිප් ඩේවිස් මහතා ද ජනාධිපතිවරයා හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.
මේ අතර, අප්‍රිකානු රටවල් රැසක් සමඟ සබඳතා තර කර ගැනීමට ජනාධිපතිවරයාගේ නිල සංචාරය ඉවහල් වූ බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසයි.
මේ අතර, G77 හා චීනය 03 වැනි දකුණු සමුළුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ඇමතීමට නියමිත ව තිබේ.
උගන්ඩාවේ කම්පාලා නුවර දී එම සමුළුව අද ආරම්භ වෙයි.
මෙවර එහි තේමාව වී ඇත්තේ ‘කිසිවෙකු අත් නොහරිමු’ යන්නයි.
G77 සහ චීනය 03 වැනි දකුණු සමුළුව එහි සාමාජික රටවල් 134 අතර වෙළඳාම, ආයෝජන, තිරසාර සංවර්ධනය, දේශගුණික විපර්යාස, දරිද්‍රතාව තුරන් කිරීම සහ ඩිජිටල් ආර්ථිකය ඇතුළු ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් පැවැත්වෙයි.
එහි නව සභාපතිත්වය මෙවර උගන්ඩා ජනරජය විසින් භාර ගැනීමට නියමිත ය.