සරම්ප එන්නත්කරණය දීප ව්‍යාප්තව
January 20, 2024 07:03 am
වයස මාස 09ත් අවුරුදු 15ත් අතර දරුවන් සඳහා සරම්ප ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමේ වැඩසටහක් අද (20) සහ හෙට දීපව්‍යාප්තව ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය සඳහන් කළේ, මෙතෙක් සරම්ප එන්නත් ලබා නොගත් දරුවන් සඳහා සෑම දිස්ත්‍රික්කයකම තිබෙන එන්නත්කරණ මධ්‍යස්ථානවලට පැමිණීමෙන් එන්නත ලබා ගැනිමේ හැකියාව පවතින බවයි.
පසුගිය දිනවල පැවති සරම්ප ප්‍රතිශක්තිකරණ එන්නත්කරණ වැඩසටහන තවදුරටත් සක්‍රීය කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.
