රියදුරාගේ බත් පාර්සලයෙන් හමුවූ හෙරොයින්
January 19, 2024 01:00 pm
කොළඹ සිට අනුරාධපුරය බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් ඇල්ල ප්‍රදේශයේදී මහව පොලීසිය විසින් ඊයේ (18) පරීක්ෂාවට ලක්කර තිබුණි.
එහිදී බසයේ රියදුරු අසුන අසල තිබී රුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 143ක් සොයාගෙන තිබූ බව වාර්තා විය.
රියදුරු අසුන අසල කුඩා පාර්සලයක් තිබී ඇති අතර එය තම බත් පාර්සලය බවට රියදුරු ප්‍රකාශ කළ ද පොලීසිය එය පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම හෙරොයින් හමුවී තිබේ.
අත්අඩංගුවට ගත් බස් රථයේ රියදුරා ව අද මහව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
43 හැවිරිදි එම පුද්ගලයා රාජාංගනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.