තීරණාත්මක තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

තීරණාත්මක තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

January 18, 2024   06:35 pm

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරග 03කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් හා තීරණාත්මක තරගය අද (18) පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායමට ලබාදීමටය

තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ය.

දෙරටම තරග එක බැගින් ජයගෙන මේ වනවිට තරගාවලිය සම කර තිබේ.

ඒ අනුව තරගාවලිය ජයගැනීම සඳහා අද තරගය තීරණාත්මක වනු ඇත.