header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
විශේෂාංග
සෞඛ්‍ය පද්ධතියේ අර්බුදය සහ අනාගතය
Jan 12, 202401:51 PM
සෞඛ්‍ය පද්ධතියේ අර්බුදය සහ අනාගතය
Mobitel 1278

පෙර කිසි දා අත් නොවිඳි මට්ටමේ අර්බුද ගණනාවකට ශ්‍රී ලංකාවාසිහු මුහුණ දෙමින් සිටිති. දේශපාලන, සමාජ, ආර්ථික ආදී සෑම ක්ෂේත්‍රයක් කෙරෙහි ම එකී අර්බුදය විසිරී පැතිරී ඇති බව හඳුනාගත හැකි ය. එහි තීරණාත්මක ම අවදිය ලෙස සඳහන් කළ හැක්කේ, 2019 වසරෙන් පසු මෙරටට උදා වූ තත්ත්වය යි. ඒ පිළිබඳ අමුතුවෙන් මුල සිට පැහැදිලි කළ යුතු නැත. පාස්කු ප්‍රහාරයත්, අනතුරුව කොවිඩ් අර්බුදයත් සමඟ පෙරට පැමිණි රාජ්‍යයේ කඩා වැටීම කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ තත්ත්වය කි.

ඕනෑම රටක පවතින වැදගත් පද්ධති 02ක් ලෙස සෞඛ්‍යය සහ අධ්‍යාපනය හඳුනාගත හැකි ය. සෞඛ්‍යය සහ අධ්‍යාපනය අර්බුදයට ලක් වූ රාජ්‍යයක අනාගතය යනු, සත්‍ය වශයෙන් ම ශෝකාන්තයකි. කොතරම් අධ්‍යාපනය පැවතිය ද අධ්‍යාපනය ලබන ප්‍රජාව නිරෝගී නොමැති නම්, එය ගැටලුවකි. කොතරම් නිරෝගි වුව ද ප්‍රජාව තුළ අධ්‍යාපනයක් නොමැති නම් එය ද ගැටලුවකි. එනයින් අධ්‍යාපනය සහ සෞඛ්‍යය එකිනෙක කෙරෙහි අන්තර් රඳා පැවැත්මක් සහිත ව පවතින ක්ෂේත්‍ර දෙකක් බව පැවසීම අවිවාදිත ය. එතකුදු වුවත් අප මුහුණ දෙන අවාසනාවන්ත තත්ත්වය වන්නේ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය තුළ උක්ත ක්ෂේත්‍ර දෙක ම අර්බුදයකට මුහුණ දී තිබීම යි.

පසුගිය වසර තුළ පැන නැඟුණු හා මේ මොහොත වන විටත් ශ්‍රී ලංකාව තුළ පවතින සෞඛ්‍ය අර්බුදයේ පැතිකඩ කිහිපයක් හඳුනාගත හැකි ය.

* ඉන්දියානු ණය ආධාර යටතේ ගෙන්වූ ඖෂධ තත්ත්ව‍යෙන් බාල බවට චෝදනා එල්ල වීම සහ එම ඖෂධ භාවිතයෙන් මිනිසුන් මිය ගිය බවට එල්ල වූ චෝදනාව.

* ඖෂධ සිද්ධියට අදාළ ව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගේ ක්‍රියාකලාපය සහ ඔහු ගේ අමාත්‍ය ධුරයට එල්ල වූ අභියෝග

* ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය

පසුගිය සමයේ ඇති වූ අර්ථික අර්බුදය හේතුවෙන් රෝහල් පද්ධතිය ද අභියෝගයට ලක් විය. එහි දී ඖෂධ හදිසි මිල දී ගැනීම් ද සිදු විය. ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ මෙම ඖෂධ මිල දී ගැනීමේ ක්‍රියාවලිය සිදු වූ අතර, බොහෝ අර්බුද ඇති වූයේ ඒ හේතුවෙන් බවට මත පළ විය. හදිසි මිල දී ගැනීම් යටතේ ගෙන්වන ලද ඖෂධ හතළිස් ගණනකින් ඖෂධ 02ක් පමණක් ප්‍රමිතියෙන් තොර වූ බව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ම පසුගිය දිනක දී ජන හමුවක දී පැවසුවේ ය. තමා ගත් තීන්දු තීරණ එසේ නො ගත්තේ නම්, රට තුළ මේ වන විට බරපතළ සෞඛ්‍ය අර්බුදයක් ඇති වීමට ද ඉඩ තිබුණු බව ඔහු අවධාරණය කළේ ය.

මහජන විරෝධය, විශ්වාසභංගය සහ අහිමි වූ අමාත්‍ය ධුරය

කෙසේ වෙතත් ඖෂධ ගැටලු හේතුවෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ අමාත්‍ය ධුරය පිළිබඳ බරපතළ ජන විරෝධයක් ඇති විය. ඊට පිළිතුරු ලෙස ආණ්ඩුව පාර්ශ්වයෙන් ලබා දුන් පිළිතුර වූයේ, නිදහස් සෞඛ්‍යය පිළිබඳ පුරවැසියා තුළ ඇති විශ්වසනීයත්වය හානි කිරීමේ පටු අරමුණ සහිත ව විපක්ෂය විසින් මෙම විරෝධය නිර්මාණය කළ බව යි. කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සඳහා සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් ද ඉදිරිපත් කරනු ලැබිණි. කෙසේ වෙතත් විශ්වාස භංග යෝජනාව ආණ්ඩු පක්ෂය විසින් පරාජයට පත් කළ අතර, කෙහෙළිය ගේ අමාත්‍ය ධුරය තවදුරටත් සුරැකි ව පැවතිණි. ඒ පිළිබඳ ව ද සමාජ මාධ්‍යය තුල බරපතළ ජන විරෝධයක් ඇති විය.

මෙහි දී මහජනතාවට පැන නැඟුණු ප්‍රශ්නය වූයේ, මෙතරම් අභියෝග සහ චෝදනා මැද තවදුරටත් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍ය ධුරයේ රැඳී සිටින්නේ කුමන සදාචාරමය පදනමකින් ද යන්න යි. මෙවැනි තත්ත්වයක් තුළ දියුණු ප්‍රජාත්න්ත්‍රවාදී රාජ්‍යයක දැකිය හැකි වන්නේ, සිද්ධියේ විමර්ශන අවසාන වන තුරු අදාළ බලධාරියා සිය ධුරයෙන් ස්වේච්ඡාවෙන් ම ඉවත් වීම යි. අවාසනාවකට එවැනි තත්ත්වයක් ආශාවට හෝ දැක ගන්නට අපට කිසි දා වරම් ලැබී නැත.

එක් වරක් යන්තම් අමාත්‍ය ධුරය රක්ෂා කරගත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට නැවතත් බාල්දියක් පෙරළිණි. ඒ ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය යි. මෑත කාලයේ ඖෂධ පිළිබඳ අප ඇසූ ආන්දෝලනාතමක ම සිද්ධිය වූයේ මෙම හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය යි. ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිල දී ගැනීමේ ක්‍රියාවලියක් පිළිබඳ මෙහි දී පාර්ශ්ව කිහිපයකට ම චෝදනා එල්ල විය. පසුගියදා මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ දී මීට අදාළ නඩුව කැඳවුණු අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු සෙසු සැකකරුවන් 06 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. ඒ අනුව සැකකරුවන් 07 දෙනා ජනවාරි 17 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කරනු ලැබිණි.

මෙහි දී අපට අසන්නට ලැබුණු අවාසනාවන්ත හා හාස්‍යජනක ම සිද්ධියක් ලෙස හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය ලෙස වර්ණ ගැන්වූ ජලය භාවිත කිරීම හඳුනාගත හැකි ය. සීදුව ප්‍රදේශයේ රසායනාගාරයක මෙම ක්‍රියාවලිය සිදු වී තිබිණි. එම කාරණය අධිකරණයේ දී පවා තහවුරු විය.

කෙසේ වෙතත් හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධියත් සමඟ කෙහෙළිය ගේ සෞඛ්‍ය පට්ටම ගලවා එය වෛද්‍ය රමේෂ් පතිරණට ඇන්දවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට සිදු විය.

කෙහෙළියට නැති නිලධාරින් පමණක් ඇති නඩු-හබ

හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය පිළිබඳ පැනෙන ජනප්‍රියතම ප්‍රශ්නය වන්නේ, සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට තවමත් පොලිසිය කටයුතු නො කරන්නේ ඇයි ද යන ප්‍රශ්නය යි. එහි දී අදහස් පළ කරන විපක්ෂ දේශපාලඥයන්, සමාජ ක්‍රිකාකාරින් මෙන්ම වෛද්‍ය සංගම් ද දිගින් දිගට ම පැවසුවේ, මෙම සිද්ධියට අදාළ ව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ව අත්අඩංගුවට ගත යුතු බව යි. මේ පිළිබඳ අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ, මෙම සිද්ධියේ මහමොළකරු කෙහෙළිය රඹුක්වැල්ල වන බව යි. ඔහු ව වරක අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණු අතර, එහි දී මාධ්‍යවේදින් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

මේ අතර, 11 වනදා පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ගෙන් මෙම සිද්ධිය පිළිබඳ ප්‍රශ්නයක් ඇසුවේය. ඔහු එහි දී අදහසක් පළ කරමින්, සාමාන්‍ය අද්දැකීම තුළ මෙවැනි වංචාවන් සිදු වන්නේ, නිලධාරින් සහ අමාත්‍යවරුන් ගේ අනුදැනුම හා මැදිහත් වීම මත වුවත් හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධියේ දී නිලධාරින් පමණක් නීතියට හසු වී අමාත්‍යවරයා නිදැල්ලේ සිටින්නේ කෙසේ ද යන ප්‍රශ්නය මතු කළේ ය.

අවසාන වශයෙන් මෙරට ඇති වූ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලුව වන්නේ, වෛද්‍යවරුන් ගේ DAT දීමනාව වැඩි කිරීමත් සමඟ සෞඛ්‍ය සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹීමයි. වෛද්‍යවරුන් සඳහා පමණක් රුපියල් 35,000ක දීමනාවක් ලබාදීමට විරෝධය පළ කරමින් බදාදා (10) උදෑසන 8.00 සිට පැය 48ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ තීරණය කර තිබිණි. වෘත්තීය සමිති 10ක් මෙම වර්ජනය සඳහා එක් වන බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් මේ හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්වයන් අතර භේද භින්න වීමක් ඇති විය හැකි බවට විද්වතුන් මත පළ කර තිබේ.

මේ ආදී ගැටුම් සහ ගැටලු ගණනාවක් සමඟ සිය සෞඛ්‍යය පවත්වා ගැනීමට පුරවැසියන්ට සිදු වී තිබේ. අමාත්‍ය පුටුවලට පුද්ගලයන් මාරු වන නමුත් පද්ධතියේ දියුණුවක් අපේක්ෂා කිරීම ගැටලු සහගත කාරණයක් වී ඇත.

උදා වූ 2024 සහ සෞඛ්‍ය පද්ධතියේ අනාගතය

බදාදා (10) අද දෙරණ BIG FOCUS වැඩසටහන සමඟ එකතු වෙමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 130 වැනි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ, කිසි දා නො පැවති මට්ටමේ අභියෝග රැසකට මෙරට සෞඛ්‍ය පද්ධතිය මුහුණ දී ඇති බව යි. ඒ අතර ඖෂධ හිඟය, විශේෂඥ වෛද්‍යවරුන් විදේශගත වීම, වෛද්‍ය උපකරණ හිඟය සහ ඖෂධ වංචා සිදු වීම පිළිබඳ එල්ල වන චෝදනා ප්‍රධාන බව ඔහු පැවසුවේ ය.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම සහ ඖෂධ වංචා සිදුවීම යන කාරණය පැන නැඟීමට බලපාන ප්‍රධානම හේතුව වන්නේ, හදිසි මිල දී ගැනීමේ ක්‍රියාවලිය බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ ය.

විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යාම පිළිබඳ අදහස් පළ කළ ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ, බොහෝමයක් විශේෂඥ වෛද්‍යවරුන් ඉහළ ආදායමක් ලැබූ අය වූ නමුත් ඔවුන් සිය දරුවන් ගේ අනාගතය ගැන සිතා රට අත් හැර ගිය බව යි. රාජ්‍යයේ අනාගතය ගැන පවතින අවිනිශ්චිත තත්ත්වය හා ආර්ථික පීඩනය හේතුවෙන් බොහෝමයක් විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යාමේ තීරණය ගෙන ඇති බව ඔහු ගේ අදහස යි. මීට පෙර උපකල්පනය කළ පරිදි මෙරට විශේෂඥ වෛද්‍යවරුන් ගේ අතිරික්තයක් ඇති වන බවට සිතුව ද මේ වන විට එහි ප්‍රතිවිරුද්ධ තත්ත්වයක් ඇති ව තිබෙන බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ ය.

එසේම දැනට පවතින උපයන විට අය කරන බද්ද හරහා ඇති කර ඇති ආර්ථික පීඩනය ද වෛද්‍යවරුන් රට හැර යාමට ප්‍රධාන හේතුවක් වී ඇති බව වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි. ජාතික ආදායම වැඩි කිරීම සඳහා වෙනත් ක්‍රමවේද පවතින බව ද සඳහන් කළ වෛද්‍යවරයා, පසුගිය වසරේ දී පමණක් දුම්වැටි තුළින් අමතර රුපියල් බිලියන 45ක ආදායමක් රජය විසින් උපයා ඇති බව සඳහන් කළේ ය. ප්ලාස්ටික් නිෂ්පාදන වැනි අහිතකර දෑ මිල දී ගැනීම පාලනය කිරීමෙන් හා ඒ වෙනුවට දේශීය නිෂ්පාදන ප්‍රචලිත කිරීමෙන් ද ජාතික ආදායම් වැඩි කර ගැනීමට හැකි බව ආනන්ද විජේවික්‍රම මහතා අවධාරණය කළේ ය.

කෙසේ වෙතත් සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙම අර්බුදයෙන් ගලවා ගැනීම සඳහා පුළුල් දේශපාලන මැදිහත් වීමක් අවශ්‍ය බව ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ ය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ යළි විශ්වසනීයත්වයක් ඇති වුව හොත් රට හැර ගිය විශේෂඥ වෛද්‍යවරුන් යළි රටට එනු ඇති බවත් ඔහු අවසාන වශයෙන් අවධාරණය කළේය.

රාජ්‍යයේ ප්‍රමුඛ පද්ධතියක් මෙසේ අර්බුදයකට ලක් වීම හරහා සියලු පුරවැසියන් තුළ රාජ්‍යය පිළිබඳ ඇති විශ්වසනීයත්වයට ඇති වන්නේ හානියක් නො වේ ද? දිනෙන් දින ඇති වන ගැටලු හා පොදු එකඟතාවක් නොමැති සෞඛ්‍ය පද්ධතිය හරහා අවසාන වශයෙන් පීඩාවට පත් වන්නේ, බදු ගෙවන ජනතාව බව පැවසීම අසාධාරණ නැත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නිදහස් චතුරස්‍රයේ පෙත්සම් එකතු කරන්න ගිය පිරිසක් ඉවත් කෙරේ

නිදහස් චතුරස්‍රයේ පෙත්සම් එකතු කරන්න ගිය පිරිසක් ඉවත් කෙරේ

කොළඹ පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි..

කොළඹ පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි..

 “IMF එකටත් චණ්ඩි පාට් දානවා...ආර්ථිකය මොනවා වෙයිද දන්නේ නෑ”“ඇත්ත කිව්වා නම් ප්‍රශ්නේ ඉවරයි”

“IMF එකටත් චණ්ඩි පාට් දානවා...ආර්ථිකය මොනවා වෙයිද දන්නේ නෑ”“ඇත්ත කිව්වා නම් ප්‍රශ්නේ ඉවරයි”

 ‘අනාගතයේ දරුවෝ’ සිඟිත්තන් වෙනුවෙන් මැදකුඹුර වතුයායේ පැවති වෛද්‍ය සායනය

‘අනාගතයේ දරුවෝ’ සිඟිත්තන් වෙනුවෙන් මැදකුඹුර වතුයායේ පැවති වෛද්‍ය සායනය

 ඥානසාර හිමිට ජනපති සමාව ලැබෙයි ද?“වැරදි කරපු අයට එහෙම සමාව දෙන්න බෑ...”

ඥානසාර හිමිට ජනපති සමාව ලැබෙයි ද?“වැරදි කරපු අයට එහෙම සමාව දෙන්න බෑ...”

'පොඩි පැටී' ඝාතනයට වැරදුණු පළිගැනීම - අපරාධයට පෙර පොලිසිය ඉස්සර වෙයි | Ada Derana

'පොඩි පැටී' ඝාතනයට වැරදුණු පළිගැනීම - අපරාධයට පෙර පොලිසිය ඉස්සර වෙයි | Ada Derana

උදෙන්ම ඇහුණ අහුන්ගල්ලේ වෙඩිල්ලේ තවත් කරුණු එළියට - නොකළ වරදකට වෙඩි පත්තු වුණාද? | Ada Derana

උදෙන්ම ඇහුණ අහුන්ගල්ලේ වෙඩිල්ලේ තවත් කරුණු එළියට - නොකළ වරදකට වෙඩි පත්තු වුණාද? | Ada Derana

ලක්ෂ සංඛ්‍යාත පාඨකයන් එක්වූ 'කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය | Ada Derana

ලක්ෂ සංඛ්‍යාත පාඨකයන් එක්වූ 'කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය | Ada Derana

'අරුණ' පුවත්පතේ 8වැනි සැමරුම අර්ථවත්කළ සමාජ සේවය - ''පොත් 11,793ක් ලැබිලා තියෙනවා''| Ada Derana

'අරුණ' පුවත්පතේ 8වැනි සැමරුම අර්ථවත්කළ සමාජ සේවය - ''පොත් 11,793ක් ලැබිලා තියෙනවා''| Ada Derana

IMF නියෝජිතවරිය ඉදිරියේ සජිත් එකහෙළා කියපු කථාව - ආණ්ඩුවටත් අභියෝගයක් | Ada Derana

IMF නියෝජිතවරිය ඉදිරියේ සජිත් එකහෙළා කියපු කථාව - ආණ්ඩුවටත් අභියෝගයක් | Ada Derana

පොලිස් ජීප් එකෙන් අධිකරණයට රැගෙන ආ ඥානසාර හිමි

පොලිස් ජීප් එකෙන් අධිකරණයට රැගෙන ආ ඥානසාර හිමි

වැඩ වරද්දාගත් කොස්ගොඩ වෙඩික්කරුවන් - ASP ඕලුගලත් මහ රෑම කොස්ගොඩට එයි

වැඩ වරද්දාගත් කොස්ගොඩ වෙඩික්කරුවන් - ASP ඕලුගලත් මහ රෑම කොස්ගොඩට එයි

සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

Lassana Flora
Spotlight
තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana

"ලෝක මිලට අනුව තෙල් මිල පවත්වා ගන්න" - IMF කියයි | Ada Derana

"ලෝක මිලට අනුව තෙල් මිල පවත්වා ගන්න" - IMF කියයි | Ada Derana

"IMF කියන විදිහට වැඩ නොකර ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කළ යුතුයි | Ada Derana

"IMF කියන විදිහට වැඩ නොකර ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කළ යුතුයි | Ada Derana

ඉන්දියානු මහ කොමසාරිස් සහ දිලිත් අතර හමුවක් | Ada Derana

ඉන්දියානු මහ කොමසාරිස් සහ දිලිත් අතර හමුවක් | Ada Derana

සංචාරක කර්මාන්තයේ උන්නතියට නව පනතක් | Ada Derana

සංචාරක කර්මාන්තයේ උන්නතියට නව පනතක් | Ada Derana

"සිංගප්පූරුවෙන් එද්දි අල්ලන්න එපා" - ශිරන්තිගෙන් උසාවියට ඇප අයදුමක් | Ada Derana

"සිංගප්පූරුවෙන් එද්දි අල්ලන්න එපා" - ශිරන්තිගෙන් උසාවියට ඇප අයදුමක් | Ada Derana

ඉදිරි උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර අඩුවීමේ අවදානමක් | Ada Derana

ඉදිරි උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර අඩුවීමේ අවදානමක් | Ada Derana

බොරැල්ල ළමා රෝහලේ ඖෂධ, උපකරණ හිඟයක් | Ada Derana

බොරැල්ල ළමා රෝහලේ ඖෂධ, උපකරණ හිඟයක් | Ada Derana

දවසේ කාටූන් විස්තරය | Ada Derana

දවසේ කාටූන් විස්තරය | Ada Derana

සංචාරක කර්මාන්තයේ උන්නතියට නව පනතක්

සංචාරක කර්මාන්තයේ උන්නතියට නව පනතක්

ඉන්දියානු මහ කොමසාරිස් සහ දිලිත් අතර හමුවක්

ඉන්දියානු මහ කොමසාරිස් සහ දිලිත් අතර හමුවක්

ආණ්ඩුවේ NGO කෙටුම්පතට UN විරෝධයක්

ආණ්ඩුවේ NGO කෙටුම්පතට UN විරෝධයක්

"IMF කියන විදිහට වැඩ නොකර ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කළ යුතුයි

"IMF කියන විදිහට වැඩ නොකර ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කළ යුතුයි

"ලෝක මිලට අනුව තෙල් මිල පවත්වා ගන්න" - IMF කියයි

"ලෝක මිලට අනුව තෙල් මිල පවත්වා ගන්න" - IMF කියයි

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම්

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම්