සාස්තකර කී ෂෝටා අත්අඩංගුවට
January 8, 2024 10:34 pm
යුක්තිය මෙහෙයුම හේතුවෙන් දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවලින් පළාගොස් සැඟව සිටි 'ෂෝටා' නැමැත්තා වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු දේවාලයක කපුවෙකු ලෙස කටයුතු කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ සුනාමිවත්ත ප්‍රදේශයේදීය.
එම දේවාලයේ රුපියල් 1,500 මුදලක් අයකර සාස්තර කියමින් ඔහු කටයුතු කර ඇති බව හෙළිවී තිබේ.
වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය එහිදී සැකකරු සමග රුපියල් ලක්ෂ 3ක් පමණ වටිනාකමකින් යුත් හෙරොයින්ද සොයාගෙන තිබේ.
