කොටස් හුවමාරුවේ කටයුතු පහසු කිරීම සඳහා නියාමන රාමුවක්

කොටස් හුවමාරුවේ කටයුතු පහසු කිරීම සඳහා නියාමන රාමුවක්

January 7, 2024   08:41 am

යටිතල පහසුකම් බැඳුම්කර (Infrastructure Bonds) නිකුත් කිරීම සහ ඒවා කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව (CSE) තුළ ලැයිස්තුගත කිරීම සඳහා අවශ්‍ය නියාමන රාමුවට, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ (SEC) අනුමැතිය හිමි ව තිබේ.

රටේ ආර්ථික සංවර්ධනයට සහ යහපැවැත්මට දායක වන යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා දෙස් විදෙස් ආයෝජන ආකර්ෂණය කර ගැනීම අරමුණු කර ගනිමින් ගෙන ඇති මෙම පියවර ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් ගනු ලැබූ ඓතිහාසික තීන්දුවක් වනු ඇති බව වාර්තා වේ.

මාර්ග, දුම්රිය, ජල කළමනාකරණය, අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති, ගුවන් තොටුපොළ, වරාය, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති, ස්වාභාවික විපත් ආරක්ෂණ පද්ධති, ගැඹුරු ජල වරායන්, ගෑස් සැපයුම් පද්ධති, උපයෝගිතා ව්‍යාපෘති, විදුලි සංදේශ යටිතල පහසුකම් වැනි වැදගත් ව්‍යාපෘති සඳහා ප්‍රාග්ධනය සම්පාදනය කර ගැනීම, මෙම යටිතල පහසුකම් බැඳුම්කරවල අරමුණ වී ඇත.