ඉරානයේ පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව ඉහළට

ඉරානයේ පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව ඉහළට

January 3, 2024   06:25 pm

ඉරානයේ සිදුවූ පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා පෙන්වා දෙන්නේ Kerman නගරයේ Saheb al-Zaman නමැති පල්ලිය ආසන්නයේදී සිදුවූ මෙම පිපිරීම්වලින් මේ වනවිට 70කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බවය.

Update ==================================

ඉරානයේ සිදුවූ පිපිරීම් දෙකකින් පුද්ගලයින් 20කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම පිපිරීම් දෙක හේතුවෙන් පුද්ගලයින් 60කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවය.

ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදා ජෙනරාල්වරයෙකු වන Qasem Soleimani ඝාතනය කර වසර 4ක සංවත්සරය අවස්ථාවේ ඔහුගේ සොහොන ආසන්නයේ මෙම පිපිරීම් සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

ඉරානයේ Kerman නගරයේ Saheb al-Zaman නමැති පල්ලිය ආසන්නයේදී මෙම පිපිරීම සිදුව තිබේ.