ගසක් කඩා වැටී ප්‍රධාන මාර්ගයක් අවහිර වෙයි

ගසක් කඩා වැටී ප්‍රධාන මාර්ගයක් අවහිර වෙයි

January 2, 2024   09:40 am

සියඹලාණ්ඩුව - මොනරාගල මාර්ගය ට ගලබැද්ද ප්‍රදේශයෙන් විශාල ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

අප වාර්තාකරු පැවසුවේ මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය පැය දෙකක කාලයක් සම්පූර්ණයෙන්ම ඇනහිට තිබූ බවය.

මේ වනවිට ගස කපා ඉවත් කර ඇති අතර ගමනාගමන කටයුතු යථාතත්ත්වයට පත්ව ඇතැයි ද වාර්තා වේ.