තරුණයෙක් ඔයට වැටී අතුරුදන්

තරුණයෙක් ඔයට වැටී අතුරුදන්

January 2, 2024   07:09 am

ලොග්ගල්ල ඔයේ ඔරුවකින් මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු ඔයට වැටී අතුරුදන්ව තිබේ.

අතුරුදන්ව ඇත්තේ කරමැටිය, මීගහකිවුල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.

අතුරුදන් වූ අය සෙවීමේ කටයුතු‍ පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව සිදුකරගෙන යන බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.